top of page

ABOUT

         වෙන්න තිබෙන දේ සොයනවාටත් වඩා කල යුත්තේ මොනවාද යන්න විමසීමට ජ්‍යෝතිශ්ශාස්ත්‍රීය දැනුමෙන් මිනිස් හදවත ස්පර්ෂ කිරීම සංවේදී වැඩකි. ජෝතිශ්ශාස්ත්‍රය වනාහී මිනිස් අත්දැකීම් සාගරයේ විභවයේ අදහස් සැකසුම සොයා මිනිසාගේ අධ්‍යාත්මික ස්පන්දනයේ සුසර බවේ රිද්මය විමසන දැනුම් පද්ධතියකි. ආධ්‍යාත්මිකව සලකන විට අහස තියෙන්නෙ තවත් අහසක නොව තම හිස තුලම බව අවබෝධ කර ගැනීම භෞතික මත වාදයන් හෙලා දැකීමක් නොව ඊට හිමි නිසි ගෞරවයේ ආධ්‍යාත්මික ප්‍රකශනයක් බව මට අවබෝධ විය. සියල්ලන්ටම වඩා මිනිසාගේ පාදඩ ජීවිතයේ අගය කොතෙක් දැයි සොයන්නට ගායක් තාමත් මා තුල ඉතිරිව තිබේ. එහෙයින් හිතන්නට ලියන්නට කියන්නට කියවන්නට තවමත් ඇත්තේ නොනිමි ආශාවකි. එහෙත් මා කම්මැලියෙකු නොවන්නේද නොවේ. උපේකා කේන්ද්‍රය වනාහී කුමක්දැයි තීරණය කිරීම මා නොව ඔබ විසින් කළ යුතු කාරියක් බව මම විශ්වාස කරමි.

                                                                               

                                                                                – ජගත් මාරසිංහ –

bottom of page